ස්වභාවිකව
පිහිටි නා ගස් සමූහයක් ඇති බිම්කඩක නාමල් පෙති හැඩය අනුව විහාර අංගයන්ගෙන් සැදුම්
ලද නිසාම "නාමල් අංග" නම් ලද මෙම ඵෙතිහාසික රජමහා විහාරය පිහිටියේ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ග්‍රාමයේ ය.
ක්‍රි.පූ.161-137
යුගයේ රාජ්‍ය කළ දුටුගැමුණු රජු විසින් මෙම විහාරය කරවූ බව සදහන් වේ.
මේ ආසන්නයේ පිහිටා ඇති
ඵෙතිහාසික රිදී විහාරයට මහ පෙරහරින් බුදු පිළිමයක් වඩමවාගෙන පැමිණි දුටුගැමුණු රජු
හා පිරිස මේ ස්ථානයේ රාත්‍රිය ගත කළ බවත් ,එය
සිහිවීම පිණිස කුඩා ස්ථූපයක් කරවූ බවත් පැවසේ.
වර්ථමානයේ ස්ථූපය දක්නට
නැතත් එය තිබූ ස්ථානයේ අඩි 40 ක්
උස බුදු පිළිමයක් ඉදිකර ඇත. මෙම බුදු පිළිමය
දැවයෙන් කර බදාම පුරවා සායම් කරන ලද හිටි පිළිමයකි.
දුටුගැමුණු රජතුමා
විසින් ඉදිකරන ලද වෙහෙර බිම පිහිටිස්ථානයේන් පුරාවස්තු රාශියක් හමුවී තිබේ.
අතින් රේඛා නිර්මාණය කර
සෑදූ උළු, වාමන රූප , කැටයම්
වලින් තොර සදකඩපහණක් , සිරිපතුල් සටහන් කරන ලද
ශෛලමය මල් ආසන මෙම භූමියෙන් සොයාගෙන තිබෙි.



කාලයාගේ ඇවෑමෙන් ගන වනාන්තරයට යටවී තිබූ මෙම පුදබිම මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ක්‍රි.ව.1747-1782 වකවානුවේදී ප්‍රතිසංස්කරණය කරවා, අංග සම්පූර්ණ විහාරාංග ඉදිකරවා විහාරයේ දියුණුවට ගම්වර පූජා කළ බව පැවසේ.
නාමල් අංග විහාරය හා
සම්බන්ධ තවත් ඵෙතිහාසික මුලාශ්‍රයක් තිබේ.එනම් රාජ අනුග්‍රහයෙන් විහාරයට ලැබුණු
තල්පතකි. සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව ගෙන ආ යුගයේ විහාරයට පොහොය සීමාවක්
ලබා දෙමින් ලියන ලද මෙම තල්පත අදද මෙම විහාරයේ තැන්පත්ව තිබේ.
ක්‍රි.ව.1865
දී , වල් බිහිව තිබූ නාමල් අංග රජමහ
විහාරය ගොකරැල්ලේ රතනජෝති හිමියන් විසින් යළි නගා සිටුවා තිබේ.
වර්තමානයේ නාමල් අංග විහාරයට නවාංග කිහිපයක්ම එක් වී තිබේ. මූර්ති සහ චිත්‍ර වලින් අලංකෘත නව පිළිමගෙය මින් වැදගත් තැනක් ගනී.බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් මෙන්ම ජාතක කතාද මෙහි චිත්‍රයට නගා තිබේ. එමෙන්ම මෙහි බුද්ධ චරිතයේ අවස්ථා ඇතුළත් මූර්ති රාශියක්ද දක්නට ලැබේ.

මැල්සිරිපුර- ඉබ්බාගමුව අතර කුරුණෑගල පාරේ නිතර ආ ගිය දවස් වල මේ විහාරස්ථානයේ නාම පුවරුව දැකල තිබ්බත් ගිහින් තිබුනේ නෑ.. හොඳ විස්තරයක්. පුලුවන්නම් තොරතුරුත් සමඟ අදාළ ස්ථානයට යන විදියත් මතක් කරන්න. ඒක වටියි.
ReplyDeleteආ.. අටම්පහුරගේ සින්ඩියට මේ බ්ලොග් එක එකතු කරන්න කියලා මම ඊයේ ඔත්තුව දුන්නා.. කමක් නෑ නේද?
කමක් නැහැ කල්‍යාණ මිත්‍ර....මගේ ලියවිල්ල වැඩි දෙනෙක් අතරට යවන්නට සහය දුන්නාට තුති...
Deleteමේ විහාරස්ථානයේ අපාය මගේත් සිත් ගත් තැනක්
ReplyDeleteඔව්....එය අපූරු නිර්මාණයක්.
Deleteඅගෙයි විස්තර ටිකනම්.... මේ ගමන් වලදී ගත් රූප සහ විස්තර අපිටත් ගෙන ඒනවාට ස්තූතියි..... අනික් සින්ඩි වලටත් අැතුළත් වෙන්න... ඒක අනික් අයටත් මෙේ පැත්තට ඒන්න පාර පෙන්නාවි....
ReplyDeleteමම මේ බලොග් ලෝකයට ආධුනික බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මෑතදියි එකතු වුණේ. ඒ නිසාම සින්ඩි ගැන අවබෝධය අඩුයි. හැකිනම් අනික් සින්ඩි වලටත් අැතුළත් වෙන්නට මග පෙන්වන්න. ඔබට බොහොමත්ම ස්තූතියි.
Deleteමේ ෆේස්බුක් "දසත සැරිසර" group එකේ මුල් කාලයේ පළ වූ පෝස්ට් එකක් නිසා වෙන්න පුළුවනි......අනෙක් පෝස්ට් වල තරම් තොරතුරු නැත්තේ. ඒත් ඡායාරූප වලින් ඒ අඩුව යම් තරමකට මග හැරෙනවා.තොරතුරු වැඩි වන තරමට අගයත් වැඩියි.
ReplyDeleteඔව්.....ඔබ නිවැරදියි..
Deleteමෙය ලියන විට බ්ලොගයක් අරඹන අදහසක් තිබුණේ නැහැනෙ. ඉතිං ෆේස්බුක් group එකට ඒ තරම් විස්තර ලියන්න හිතුවෙ නැහැ. ඒත් බ්ලොග් අවකාශයට එන්න තීරණය කිරීමත් සමග අනෙක් post වලට වඩාත් වැඩි තොරතුරු ප්‍රමාණයක් එක් කරන්න පටන් ගත්තා.
පහතින් ඇති පරිදි ලංකා බ්ලොග් කියවනය කියනවා වගේ
Delete//ගොඩක් ප්‍රයෝනවත් බ්ලොගයක්. දාන ගොඩක් පෝස්ට් මමත් බලාවි. පාසල් දුවා දරුවන්ට ගොඩත් වැදගත් වේවි.//.
ඒකම තමයි කලින් වතාවක මා යෝජනා කළේ මේ හරවත් තොරතුරු හා සේයාරූ මුද්‍රිත පොතක් ලෙස නිකුත් කිරීම වටිනවා කියලා.
හරිම ලස්සන ගොඩක් ප්‍රයෝනවත් බ්ලොගයක්. දාන ගොඩක් පෝස්ට් මමත් බලාවි. පාසල් දුවා දරුවන්ට ගොඩත් වැදගත් වේවි. මේ හැම තැතකම යාමේදි පරිසරය සංරක්ෂණයේ වැදගත් කමත් ලියවුනොත් තවත් හොදයි කියලා හිතනෙවා.
ReplyDeleteඅගය කිරීම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමින් පරිසර සංරක්ෂණය ගැනත් යමක් ලියන්නැයි ඔබ කරන යෝජනාව ඉත සිතින් බාර ගන්නම්.
Deleteස්තූතියි!
Deleteඔබ මේ ස්ථානයට ගොස් ඇත්නම්, ඇයි මේ ලිපියේ මාර්ග විස්තරයක් සඳහන් නොවෙන්නේ? ඒ සමගම මෙහි යන අයට වැදගත් වෙනත් තොරතුරුත් සඳහන් කළොත් නේද හොඳ?
ReplyDelete"දසත සැරිසර" සටහන් ලියන්නේ මා සියැසින් දුටු ස්ථානවල කොරකුරු පමණයි. මගේ අරමුණ බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුණ තැන් සොයා ගොස් ඒ පිළිබඳ දැනුම්වත් කිරීමයි. ඒ නිසා මාර්ග විස්තරයක් සඳහන් කරනනට උන්න්දු වූයේ නැහැ.
Deleteබොහොම හොද ලිපියක්
ReplyDeleteඉතා වැදගත් ලිපියක්....
ReplyDelete