පස් යොදුන් රට
නමින් අතීතයේ දී හඳුන්වන ලද කළුතර, බොහෝ ප්රභූන්ට නිජබිම වූ ප්රදේශයකි.සුන්දර කළු ගං මිටියාවතේ
ඉදිවූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මහා මන්දීරයක් හා එහි ජීවත් වුවන්ගේ ශෝචනීය
කතා පුවත අදටත් කළු ගං තැනිතලාවේ ජීවත් වන්නන්ගේ මුවග තුඩ තුඩ පැතිර යන්නකි.
එනම් දශක තුනක පමණ කාලයක් කළුතර විසූ ජනයාගේ දුක සැපට පිහිට වුූ උදාර නායකයෙකු මෙන්ම මහා ධනකුවේරයකු වූ මහමුදලි වරයෙක් සියළු සැප සම්පත් හැරදා දරුවන් නොමැති වේදනාවෙන් සියල්ලන්ගෙන්ම වෙන්ව ගොස් හුදකලාව මිය ගිය පුවත සැඟවී ගත් මහා මන්දීරයක් පිළිබඳ වූ ශෝචනීය කතා පුවතයි.
ඔහු
නමින් යටත් විජිත සමයේ කළුතර දිසාව බාරව සිටි මහමුදලි, දොන් ආතර් ද
සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා ය.
මුල්
යටත්විජිත පාලන සමයෙහි මුහුදුබඩ ප්‍රදේශවල වාසය කළ ජනයා කඳුරටට හා දකුණට පළාගිය
අතර එකල දකුණට පළා ගිය සිංහල වංශවතෙකුගෙන් පැවත එන ආතර් ද සිල්වා යුරෝපයට ගොස් අධ්‍යාපනය
ලැබූවෙකි.
රට රටවල සංචාරය කළ මොහු ඉංදියාවේ මහාරාජාවරයෙකුගේ මාලිගාව නරඹා
එවැන්නක් ඉදිකිරීමට නොතිත් ආශාවක් අැති වී මහාරාජාගෙන් මන්දිරයේ සැලැස්ම ඉල්ලු
අවස්ථාවේදී අවඥාවෙන් සිනාසුණු මහාරාජාවරයා ඊට අකමැති වූයේ ශ්‍රී ලාංකිකයෙකුට
එවැනි මන්දිරයක් තැනීම සිහිනයක් බවට සරදම්ද කරමිනි.
මහාරාජාගේ කතාවෙන් සිත් තැවුලට පත් ආතර් ද සිල්වා තරුණයා ලංකාවෙන් පෙදරේරුවකු ගෙන්වා මන්දිරය දැක ගැනීමට සැලැස්වීය. මෙවැනි මන්දිරයක් ඉදි කිරීම සදහා එය හොදින් අධ්‍යයනය කරවීය.
ලංකාවට පැමිණි ආතර් ද සිල්වා මහමුදලි ලෙස පත්වූ අතර, ඔහුට ගම් 12 ක් බාර වූ බවත්. 40 දෙනෙකුගෙන් සැකසුණු ඔහුගේම කුලි ආරක්ෂකයන් පිරිසක් සිටි බවත් පැවසේ.
ප්‍රාදේශීය මුදලිවරු නම දෙනෙකුට මහ මුදලි වූ දොන් ආතර් ද සිල්වා
විජේසිංහ සිරිවර්ධන පඬිකාර මහමුදලිතුමාගේ අභිප්‍රාය වූයේ ඉන්දියාවේ දුටු මාලිගය
වැන්නක්ම ලංකාවේ ඉදි කිරීමයි.
සුන්දර කළු ගං මිටියාවතේ ඉදි වූ රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නම්න් හැදින්වෙන මහා මන්දිරයේ කතාව ඇරඹෙන්නේ මෙතැන සිටය.
සුන්දර කළු ගං මිටියාවතේ ඉදි වූ රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නම්න් හැදින්වෙන මහා මන්දිරයේ කතාව ඇරඹෙන්නේ මෙතැන සිටය.
අක්කරයක භූමි භාගයක් පුරා පැතිර ඇති මෙම මැදුර අක්කර 40 ක් වූ උද්‍යානයක්
මැද ඉදිවී තිබේ.
1910 දී ඉදිකිරීම් ඇරැඹි මෙම ප්‍රෞඩ මන්දිරයෙහි ගඩොල් හා උළු ඉන්දියාවෙන් ද, දැව බුරුමයෙන් ද, ජනෙල් වීදුරු ඉතාලියෙන් ද, නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන් ද ගෙන එන ලදී.
නිවසට අවශ්‍ය තේක්ක වැනි දැව වර්ග බුරුමයේ සිට නැවක්ම ගෙන ආ බව කියැවේ. ඉතා කෙටි කාලයකින් ඉදි කළ මේ මන්දිරය මහාරාජාගේ මන්දිරයටත් වඩා විශාල ප්රතාපවත් මැදුරක් විය.
දොර උළුවහු 99 කින්ද ජනෙල් 38 කින්ද සමන්විත මෙම මැදුරෙහි ගෘහනිර්මාණාත්මක විශේෂතා බොහෝය.
මින් විශේෂතම නිර්මාණය වන්නේ නෘත්‍ය ශාලාවයි.මෙය දරා සිටින්නේ
ඉතා උස් දැවමය කුළුණු 12 කිනි. මෙම කුළුණු නුවර යුගයට අයත් කැටයම් වලින් අලංකාර කර ඇති
අතර මෙම ශාලාවේ වහලේ සැකැස්ම ද අපූරු නිර්මාණයකි. යටලී පරාල නොමැති මෙම වහල
ආරුක්කු හැඩැති බාල්ක පෙළක් මත රදවා තිබේ.
මන්දිරයේ නෘත්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලොවේ ඇති සිදුරු, කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා තිබී ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතී ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙළ සකසා ඇත්තේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.
මන්දිරයේ නෘත්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලොවේ ඇති සිදුරු, කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා තිබී ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතී ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙළ සකසා ඇත්තේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.
ජනෙල් වීදුරු සදහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත.මේවාහි ඇති විශේෂත්වය වන්නේ මෙම වීදුරු වලින් ඇතුළතට ආලෝකය එන අතර ඇතුළතින් සුදු පැහැයෙන් දිස්වුවද පිටතින් දිස්වනුයේ ඇතුළත නොපෙනෙන කොල පැහැයකින් වීමයි.
නුවර යුගයේ කැටයම් වලින් අලංකෘත වූ බුරුම තේක්කයෙන් කරවන
ලද
තරප්පු පෙළ අතිවිශිෂ්ට නිර්මාණයකි.
එමෙන්ම මෙම මන්දිරයේ නිදන කාමර වල බිත්ති සකස් කර ඇත්තේ විශේෂිත ආකාරයටකටය.ගල්,ගඩොල් භාවිතා නොකොට තේක්ක දැව කඳන් සිටුවා බිත්ති මැද කුහරයක් නිර්මාණය වන ලෙස දෙපසින් තේක්ක රීප්ප ගසා හුණු මිශ්‍ර බදාමයෙන් බිත්ති නිර්මාණය කිරීමෙනි. මෙමගින් සිසිල් බවක් කාමර තුළට ලබා ගත්තා මෙන්ම පිටත ශබ්ද නොඇසීමද සිදු වේ.
මෙම මැදුරෙහි උඩුමහලේ සිට ඛලන්නෙකුට පුජනීය කළුතර චෛත්‍යය
මෙන්ම
ඊට එපිටින් ගලා බස්නා කළු ගංගාව මෙන්ම මහා සාගරයද
හොඳින් දර්ශනය වේ.
මෙවන් වූ ප්‍රෞඩත්වයෙන් හෙබි මන්දිරයක් නිර්මාණය කළ මහමුදලි තුමා නිවසට ගෙවැදීම හා විවාහය එකම දිනක සිදු කළ බවත් තොරන් 7ක් බැඳ විවාහ මංගල්‍යය උත්කර්ෂවත් ව පැවැත්වූ බවත් ඒ සදහා අමුත්තන්ට පැමිණීම සදහා විශේෂ දුම්රියක් කළුතර දක්වා ධාවනය කරවූ බවත් පැවසේ.
මේ
උත්සවය සදහා ආරාධනය ලැබ තිබූ විශේෂිතම පුද්ගලයා වූයේ
ඉන්දියාවේ මහරාජාවරයාය.මේ
මන්දිරය දැක මහරාජාද විස්මයට පත්වූ
බවද පැවසේ.
මෙතරම්
සැප සම්පත් මැද ජීවත්වූ ධනකුවේරයකු වු මහමුදලි තුමාටත් එක් අඩුවක් තිබුණි. එනම්
ඔහුට දාව දරුවන් නොසිටීමය. විවාහ ජීවිතය ඉතා නීරස ලෙස ගතකළ මහමුදලි තුමා දරුවන්ට
ඉතා ආදරය දැක්වූවකි.
මෙම උද්‍යානයේ තැන්පත් කර ඇති, ග්‍රීක ආභාසය
ඇති කුඩා පිරිමි දරුවන්ගේ ප්‍රතිමා ඊට සාක්ෂි දරයි.
මෙතරම්
සැපසම්පත් මැද ජීවත්වූ මහමුදලිතුමා අවසානයේ සියල්ල හැරදා යාමට තීරණය කරන ලදී.
බිරිඳ ඇයගේ මහ ගෙදරට පිටත් කොට හැරි මහමුදලිතුමා ඇයට ජීවිත කාලයට ජීවත් වීමට
මුදලක් ප්‍රධානය කර ඉතිරි දේපල පිරිමි ළමයින් රැකබලා ගැනීම සදහා යොදවන ලෙසත්
අන්තිම කැමති පත්‍රයක් ලියා තබා මුදලිධුරයද අතහැර නුවර කුවින්ස් හෝටලයේ 75 වැනි කාමරය
කුලියට ගෙන එහි හුදකලාව වාසය කරමින් සිට 1947 ජූලි මස 08 වැනි දින
සියල්ල අතැර දමා අවසන් ගමන් ගියේය.
අද ඒ කැමත්ත එලෙසම ඉටු වෙමින් රිච්මන්ඩ් කාසල්ස් මන්දිරය පූර්ව
ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස
පවත්වාගෙන යයි.
වර්තමානයේ රිච්මන්ඩ් කාසල්ස් මන්දිරයයේ අයිතිය මහාබාරකාරතුමා
සතුය.
සුන්දර කළුගං කොමලිය ගලාබස්නා මිටියාවතේ, පූජනීය කළුතර බෝ සමිදු දිස්වන මානයේ ජීවිතයේ අනිත්‍ය පසක් කොට දෙමින් ප්රතාපවත් රිච්මන්ඩ් කාසල්ස් මන්දිරය අදත් අකම්පිතව විරාජමාන වේ.
මහමුදලිතුමා අවසන් කාලයේ දේපොළ හැර දමා හුදෙකලා ජීවිතයකට යොමු වුණේ දරුවන් නැති සොවින් බව ඔබ මුහුණු පොතේ ලියා තිබුණා. මුහුණු පොතෙන් බ්ලොග් අවකාශයට පැමිණි ශානිකා ඔබට සුබ පතන්න කැමතියි.
ReplyDeleteමෙය ඉතා රසවත් එමෙන්ම වටිනා තොරතුරු වලින් හෙබි බ්ලොගයක්. මෙවන් විරල තොරතුරු දිගටම ලියන්න යැයි ආරාධනා කරනවා.
ස්තූතියි, ඔබේ කාරුණික ඉල්ලීමට. හැකි තරම් විරල තොරතුරු ඉදිරිපත් කරන්න මා උත්සහ ගන්නවා.
ReplyDeleteදැන් හරි. කැලැන්ඩර් ගැජට් එකේ වෙන්න ඇති අවුල තිබුණේ.
ReplyDeleteඇත්තෙන්ම....Rasikalogist, ඔබේ නිරීක්ෂණය හරි. ඔබේ උපදෙස් මත කැලැන්ඩර් ගැජට් එක ඉවත් කළා.
Deleteස්වේච්ඡාවෙන් ලබා දුන් අනගි සහයට බෙහෙවින්ම ස්තූතියි.
Thanks This is my first visit. Recently, I watched this kind of programme on Rupavahini or something who presents it was Jacka I think
ReplyDeleteThanks for visitig my blog.
DeleteI havn't see any tv programme. But like to watch if there is any.
බොහොම අගනා විස්තරයක්. ඊළඟ සැරේට එන්න මගේ බෝල්ගයේ හා බ්ලොග්පවර් එකෙත් එල්ලුව.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි අජිත් අයියේ....
Deleteබෝල්ගයේ හා බ්ලොග්පවර් එකෙත් එල්ලුව එක ගැන සතුටුයි.
අර එයාකන් ඩිෂන් එක තාම වැඩ , බිම දන නමාගන මුහුන ලංකරහම හොදට දැනෙනවා ඒ සිසිලස
ReplyDeleteස්තුතිය් දිගටම ලියන්න
ReplyDeleteස්තූතියි. දිගටම ලියන්නම්.
Deleteබොහෝම ස්තුතියි මෙවන් තොරතුරු ඉදිරිපත් කරන ඔබට.
ReplyDeleteසංචාරය කරන ඕනෑම කෙනකුට, මේ ස්ථානය නැරඹීමට අවසර ලැබෙනවාද ?