මාතලේ
දිස්ත්‍රික්කය බොහෝ ඵෙතිහාසික ස්ථාන වලට උරුමකම් කියනු ලබන අපූරු ස්වභාව
සෞන්දර්යාත්මක පරිසරයකින් සුසැදි සුන්දර ප්‍රදේශයකි.
ලොව අටවන පුදුමය ලෙස සැලකෙන කුවේර රජදහන සීගිරිය ද , නොසිදෙන දිය බිදුවකින් තලියක් පුරවාලන්නට ශතවර්ෂ ගණනක් පුරා වෙහෙසෙන දඹුලු රජමහා වෙහෙර මෙන්ම සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ මාතලේ අළුවිහාරයද ආසන්නයේ ඵෙතිහාසික, වාස්තු විද්‍යාත්මක මෙන්ම ආගමික වටිනාකමක් සහිත අපූරු ශෛලමය නිර්මාණයක් විරාජමාන වේ.
බෞද්ධ හා හින්දු දහමේ සංකලනයක් ලෙස සිංහල හා පල්ලව වාස්තු විද්‍යාත්මක අංගයන්ගෙන් සමන්විතව මෙරට ඉදිවූ එකම පුදබිම ලෙස සැලකෙන මෙම අපූරු නිර්මාණය නාලන්දා ගෙඩිගෙය යි.
නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය ලංකාවේ හරි මැද ලෙසද සැලකේ.
වහල තනි ගලෙන් තැනූ පිළිම ගෙවල්
ගෙඩිගෙය යනුවෙන් හදුන්වනු ලබන අතර වහල තනි කළුගලින් නිර්මාණය වූ ලංකාවේ හමු වන එකම
නිර්මාණය ද නාලන්දා ගෙඩිගෙය යි.
මෙම නාලන්දා ගෙඩිගෙය ඉදිකිරීම හා
සම්බන්ධ අපුර්ව පුරාවෘත්තයක්ද පවතී.
නාලන්දා නම් දෙමළ කුමාරයෙකු තම
ආගම ඇදහීම උදෙසා කෝවිලක් ඉදිකරවා වැදුම් පිදුම් කළ අතර ඒ අසල බෝධි වෘක්ෂයක් මුල
භාවනානුයෝගීව සිටි භික්ෂූන් වහන්සේ නමකට ගල් මුල් වලින් පහරදී පලවාහැරීම නිසා ඇති
වූ දේව කෝපයෙන් මිදීම සදහා එම භික්ෂූන් වහන්සේ නැවත වඩමවා මෙම ස්ථානය විහාරයක් බවට
පත් කොට දී තිබේ.
පරම ආයුෂ වැඩූ භික්ෂූන්
වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ආදාහනය කළ භෂ්මාවශේෂ නිදන් කර එහිම ස්ථූපයක් කරවා ඇති
අතර එය නාලන්දා ගෙඩිගෙය නමින් නම් ලද්දේය.
එමෙන්ම නාලන්දාවට නම ලැබූ ආකාරය පිළිබඳව ආර්.එල්.බ්‍රෝහියර් මහතාගේ මතය මීට සපුරාම වෙනස්ය.
නාලන්දා ඔයේ තැන්නේ ඉදිවුණු ගෙඩිගෙය ඔයේ නමින්ම හැදින්වීම කාලයක සිටම පැවත ඇති බවයි ඔහු පවසන්නේ.
කෙස් වුවද ධාතුසේන රජුන් විසින් ඉදිකළ කලා ඔයට හා බළලු වැවට ජලය හරවා ගත් අඹන් ගඟේ ජලයට පෝෂිතයක් වූ මාතලේ නාලන්දා ඔය පුදබිමේ නමටද ආදේශ වී යැයි සිතිය හැක.
මෙම නාලන්දා ගෙඩිගෙය
පැරණි වාස්තු විද්‍යාත්මක ලක්ෂණයක් වූ ගිංජිකාවත්ත සහිත වහල ක්‍රමය මෙම නිර්මාණය
සදහා පියස්ස කොට ගෙන ඇත.
උස් ගල් පුවරු වේදිකාවක් මත පිහිට වූ මෙම ගෙඩිගෙය දකුණු ඉන්දියානු පල්ලව සම්ප්‍රදායට අයත් ගෘහනිර්මාණත්මක ලක්ෂණ වලින් යුතුව නිමවූවකි.
උස් ගල් පුවරු වේදිකාවක් මත පිහිට වූ මෙම ගෙඩිගෙය දකුණු ඉන්දියානු පල්ලව සම්ප්‍රදායට අයත් ගෘහනිර්මාණත්මක ලක්ෂණ වලින් යුතුව නිමවූවකි.
8 වන හෝ 10 වන සියවසට අයත්යැයි සැලකෙන මෙම නාලන්දා ගෙඩිගෙය බෞද්ධ හා හින්දු යන දෙපිරිසම වෙනුවෙන් කළ නිර්මාණයක් ලෙසද සැලකේ. මෙම ගෘහය තුළ බුදුපිළිම මෙන්ම හින්දු ප්‍රතිමාද දක්නට ලැබේ.
නාලන්දා ගෙඩිගෙයෙහි බිම්මහල හා
මතුපිට සැකැස්ම බෞද්ධාගමික ආභාසයට ඉදිකර ඇති අතර ප්‍රවේශය හා ශාලාව හින්දු ආගමික
ආභාසයට නිර්මාණය කර ඇත.
සදකඩපහ, කිඹුල් රුවක් සහිත ගරාදි වැට, වාමන රූප හා දොර පියන් තුළ ඇත්තේ සිංහල කලා ශිල්පීන්ගේ නිපුණත්වයයි.
සදකඩපහ, කිඹුල් රුවක් සහිත ගරාදි වැට, වාමන රූප හා දොර පියන් තුළ ඇත්තේ සිංහල කලා ශිල්පීන්ගේ නිපුණත්වයයි.
උළුවහු, කුළුණු හා මණ්ඩප පල්ලව
සම්ප්‍රදායෙන් යුක්ත වේ.
ගෙඩිගෙය ඉදිරිපස ඇති ධනයට අධිපති කුවේරගේ රුව පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ විග්‍රහ කර ඇත.
ගෙඩිගෙය ඉදිරිපස ඇති ධනයට අධිපති කුවේරගේ රුව පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ විග්‍රහ කර ඇත.
"චතුරශ්‍රාකාරව නෙළා ඇති කුවේරයාගේ
පිළිරුව, ගෑවී
- නොගෑවී නිධාන ගබඩාව උඩ හිඳිමින් සිටිනූ පෙනේ. පද්ම නිධියෙන් හෝ සංඛ නිධියෙන්
හිඳගන්නා කුවේරයා මෙහි හිඳගෙන සිටින්නේ චතුරශ්‍රාකාර වූ නෙළුමක් මතය. මෙවැනි
අසාමන්‍ය ඉදිරිපත් කිරීමක් භාරත දේශයේ හෝ ලොව කොතැනකවක් නැත".
මෙහි බුදුගෙයක් දක්නට ඇති අතර එහි
වැඩසිටින හිටි පිළිමයකි. ඊට අමතරව මෙහි ස්ථූපයක්ද පිහිටා තිබේ. සතරැස් මළුවක
පිහිටි මෙම ගෙඩිගෙය එතරම් විශාල වූ නිර්මාණයක් නොවේ. එසේම මෙම ගොඩනැගිල්ල අවට
කිසිදු නටඹුන් ගොඩනැගිලි දක්නට නොමැති අතර මෙම ගෙඩිගෙය හුදකලාවම පිහිටීම විශේෂ
ලක්ෂණයක් වේ.
හින්දු කෝවිලක හැඩයට නිමවා ඇති මෙහි අභ්‍යන්තරයේ ඇත්තේ බුදුපිළිම වීම විශේෂත්වයකි.
හින්දු කෝවිලක හැඩයට නිමවා ඇති මෙහි අභ්‍යන්තරයේ ඇත්තේ බුදුපිළිම වීම විශේෂත්වයකි.
මීටර 25 ක පමණ වටප්‍රමාණයකින් නිර්මාණය කර ඇති නාලන්දා ගෙඩිගෙය විශාල ගල් පුවරු වලින් බිත්ති ද කළුගල් උපයෝගී කරගෙන වහලය ද නිමවා ඇත. මෙහි වහලය ද විස්මයජනක නිර්මාණයකි.
එනම් මෙහි පියැස්ස කළුගල් වලින්ම
සකසා ඇති අතර එහි වක්‍ර හැඩය ගලින්ම මනාව සකස් කොට ඇත. මෙවැනි ක්‍රමයට වහලය සකස්
කොට ඇති ලංකාවේ එකම නිර්මාණය ද මෙයයි.
මහවැලි ජලය වියලි කලාපයේ රජරටට ගෙන යන ගමනේ අතරමග ඉදිවූ බෝවතැන්න ජලාශයෙන් නාලන්දා ගෙඩිගෙය ද යටවීමට නියමිතව තිබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගෙඩිගෙය අඩි 23 උස් මළුවකට ගෙන එනු ලැබීම විස්මයජනක කාර්යයකි.
මහවැලි ජලය වියලි කලාපයේ රජරටට ගෙන යන ගමනේ අතරමග ඉදිවූ බෝවතැන්න ජලාශයෙන් නාලන්දා ගෙඩිගෙය ද යටවීමට නියමිතව තිබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගෙඩිගෙය අඩි 23 උස් මළුවකට ගෙන එනු ලැබීම විස්මයජනක කාර්යයකි.
ඒ අනුව දැනට නාලන්දා ගෙඩිගෙය
පිහිටා ඇත්තේ නියම ස්ථානයේ නොවන අතර ස්ථාන මාරුවක් කොට තිබේ.
මේ හේතුව නිසාම නාලන්දා ගෙඩිගෙය පිළිබඳ බොහෝ තොරතුරු ඉතිහාසයෙන් සැඟව ගොස් ඇත.
මේ හේතුව නිසාම නාලන්දා ගෙඩිගෙය පිළිබඳ බොහෝ තොරතුරු ඉතිහාසයෙන් සැඟව ගොස් ඇත.
ශතවර්ෂ
ගණනාවකට පෙර විසූ ශ්‍රී ලාංකීය ජනී ජනයාගේ ආගමික සහජීවනය පිළිබඳ ඵෙතිහාසික සාධක
බොහොමයක් දරාගෙන නාලන්දා ඔය අසබඩ සොදුරු තැනිතලාවේ පිහිටි නාලන්දා ගෙඩිගෙය අද ද
හුදකලාවම නොසැලී සිටී.
ස්තූතියි. අපූරුයි. සවිස්තරාත්මකයි
ReplyDeleteඔබටත් ස්තූතියි.
Deleteහරිම අපූරු ලියවිල්ලක්.......දැනුම සම්භාරයක්....මේ රචනා ශෛලිය නිසා උනන්දුවෙන් කියවන්න හිතෙනවා...
ReplyDeleteසතුටුයි.....අගය කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි.
Deleteනාලන්දා ගෙඩි ගෙය බලන්න කීප වතාවක් ගිහින් තිබුණත් මෙතරම් සුවිශේෂි බවක් දැන හිටියේ නැහැ.
ReplyDeleteසැරිසර තොරතුරු රැස් වුණාම මුද්‍රිත පොතක් ලෙස පළ කරන ලෙස යෝජනා කරන්න මෙය අවස්ථාවක් කර ගන්න මා කැමතියි.
එය ඉදිරි පරපුරට කරන දායාදයක් වේවි.
අදහස ඉත සිතින් බාර ගන්නම්. ඔබේ යෝජනාව මට ධෛර්යයක්.
Deleteප්‍රකාශකයෙක් කැමති වෙයිද කියන එකයි ගැටළුව. කොහොමති තව කල් තියෙනවානෙ.
ඔහොම යං.....හොඳ වැඩ වලට තාමත් ඉඩක්, පිළිගැනීමක් තියෙනවා.....කාලයට ඉඩ දෙමු.
Deleteඒ අනුව දැනට නාලන්දා ගෙඩිගෙය පිහිටා ඇත්තේ නියම ස්ථානයේ නොවන අතර ස්ථාන මාරුවක් කොට තිබේ.//// මෙවන් කරුණු වටිනවා.හුදු ඉතිහාස ලිවීමකට වඩා තවත් ගවේෂනාත්මක තොරතුරු මෙන්ම ආශ්‍රිත ජනප්‍රවාද ආදියද එකතු කරමින් මේ ලිවීමේ වටිනාකම වැඩි කරන්න උත්සාහ ගන්න.මේක අධ්‍යාපනික වටිනාකමක් තියෙන වැඩක් නිසා දරුවන්ටත් ඉතාමත් වැදගත්.ජයවේවා!
ReplyDeleteස්තූතියි. හැකි තරම් තොරතුරු සම්පාදනය කරන්නට උත්සය ගන්නවා.
Delete